IFO

IFO IFO

Linux world

Linux world Linux world

Hack world

Hack world Hack world

Future

Future Future
.
Latest News

IDD Free (100% Working)

Posted by නුවන් ලසන්ත on Friday, 29 July 2011 , under | comments (0)





*** විශේෂ ස්තුතිය එළකිරි.com හි samantha567 සහෝදරයාට ***


ඔන්න පොඩි ගැජට් එකක් සෙට් උනා, ගොඩක් දෙනා මේක ගැන දන්නවා ඇති, හැබැයි ඊට වඩා ගොඩක් දෙනා නොදන්නවත් ඇති,

මේක වෙන්නේ අපිට ඇමරිකාවට (USA) සහ කැනඩාවට (Canada) වලට ෆ්‍රී කෝල් ගන්න පුලුවන් ඉතින් ඇමරිකාවේ බිල්ගේඩ්ස් අංකල්ට, ඔබාමා මාමාට කෝල් කරන්න දැන් ඔබට සතයක් වත් වැය වෙන්නේ නැහැ, කැනඩාවේ ඉන්න ප්‍රභාකරන් ගේ දූ පොඩ්ඩට උනත් කතා කරන්න පුලුවන් මේ ක්‍රමයට, 

දැන් කට්ටිය කියයි Skype තියාගෙන මොනා IDD ද කියලා, ඒ උනාට මිනිස්සු හැමවෙලාවෙම Computer එක ඉස්සරහ නැහැනේ, මේකෙන් Phone එකටම කතා කරන්න පුලුවන් 

ඇමරිකාවේ, කැනඩාවේ ඉන්න නැන්දට , මාමට, අයියට, අක්කට, නංගිට , මල්ලිට, පුංචිට, පුංචිගේ දුවට, අල්ලපු ගෙදර ඇන්ටිට,ගෑනු ලමයට, ගෑනු ලමයාගේ යාලුවාට, ගෑනු ලමයාගේ නංගිට, එහා ගෙදර අයියට , එකී නොකී මෙකී ඔනෙම කෙනෙක්ට කෝල් කරන්න දැන් ෆ්‍රී (free) අදම අත්හදා බලන්න 



හරි හරි බණ ඇති , බලමු මේක කොරන්නේ කොහොමද කියලා,




මේක කරන්නේ වලින්, (Gmail Account එකක් නැති එක්කෙනෙක් හොයනවා කියන්නේ අද කාලේ කලු නික වගේ තමා)

මුලින්ම කරන්න ඕනේ Gmail Account එක ඇතුලට යන්න  ඇතුලට ගිහින් බලන්න Adress Bar එකේ https: කියන කෑල්ල තියෙනවද කියලා



https://mail.google.com/mail/#inbox
ඔන්න ඔය වගේ,  




ගිහිල්ලා Chat කියන Menu එකේ තියෙන Call phone කියන එක ඔබන්න


ඔබ FireFox යූස් කරනවානම් විතරක් මෙන්න මේ මැසේජ් එක එයි, ඒක Accept කරන්න




FireFox නෙමෙයිනම් යූස් කරන්නේ ඒක ගනන් ගන්න එපා 

අර Call Phone කියන එක එබුවම මෙන්න මෙහෙම එකක් පෙන්නයි



ඔන්න ඕකේ ඔය එන කොඩිය උඩ ක්ලික් කරලා USA(), Canada () කියන දෙකෙන් ඕනෙ එකක් තෝර ගන්න,

වැඩේ හරි,

ඔන්න මම නම් මගේ Facebook එකේ ඉන්න යාලුවෙක්ට කෝල් කලා, වැඩේ... හරි 


ඔන්න ඔහොම තමා එන්නේ

ප.ලි. මේ අනගි අවස්ථාව ටික කලකට පමණයි ලූ (කියන විදියට 2011/12/31) න් ඉලවයි, ඉක්මනට ඇමරිකාවේ කෙල්ලෙක්ට එහෙම ටෝක් කරලා සෙට් කර ගන්න ට්‍රයි එකක් දෙන්න 
************************************************** *********************************************

සොයන්නෙමි ඔබෙ රුවම සොදුරේ

Posted by නුවන් ලසන්ත on Friday, 1 July 2011 , under | comments (0)



ඇවිද ආවෙමි රිදුනු දෙපයින්
කලක් මා ඔබ ගැනම සිතමින්
අහිමි විය ඔබ නිමේශයකින් 
විය අදුරු මා ලොවම එලෙසින් 

තනිව හෑඩුවා ලොවෙන් හැංගී
මතක් වී සිටි අයුරු ලන්වී
සිතින් ගැයුවා ගීත තනිවී
ඔබෙ සදවත නැවත සිහිවී

ඇවිද ගිය සැටි දෙඅත් පටලා
සිනාසුනු සැටි තුරුලෙ වෙලිලා
හඩූවත් මතකයට නංවා
ඔබ නොඑයි මා ලගට කිසිදා
ඉමක් නොපෙනෙන මෙගන අදුරේ
අදුර පමණකි දෑස ගැටුනේ
නිදන තුරු මා මරුගෙ තුරුලේ
සොයන්නෙමි ඔබෙ රුවම සොදුරේ
නිර්මාණය :- යසස් 
ශ්‍රී චතුරංග @UCSC .

මොහුගේ මරණයට හේතුව කාසි භුතයද?

Posted by නුවන් ලසන්ත on Sunday, 5 June 2011 , under | comments (0)



විශාල කිරීම සදහා රූපය මත click කරන්න.